What Is The Best Cryptocurrencies To Invest In Sinhala - හොද Coins මොනවද?

ඔන්න ටික දවසකින් අරන් ආවා අලුත් post එකක් අලුතින් Crypto Tradings පටන් ගත්ත අයට හොදයි කියලා හිතෙන.. සමහරු crypto ගැන දැනගත්තට තාම දන්නෙ නෑ හරියටම buy කරන්න ඕනේ මොනවගේ coins ද කියලා තෝරගන්න.. Crypto tradings ගැන මොකුත්ම නොදන්න අය ඉන්නවනම් මුලින්ම Crypto Trading ගැන නොදන්න අයට ලිපිය කියවලා ඇවිත් Accounts හදාගෙන වැඩේ පටන් ගන්න..

මේ Post එක ලියන්න කලින් හැමදාමත් වගේ මම මුලින්ම කියන්න මේ ලියන හැම දෙයක්ම මගේම අත්හදා බැලීම් වලින් ලබාගත් Experience වලින් ලියන්නෙ මිසක් මහා ලොකුවට මේ ගැන ඉගෙනගෙන වැඩ්ඩෙක් වගේ එහෙම නෙමෙයි ලියන්නෙ හොදේ..

ඇත්තටම මම මේ ක්ෂේත්‍රයේදි වැඩියෙන්ම අවදානය දෙන්නෙ Short terms Tradings වලට ඒ කියන්නෙ කෙටිකාලීනව ආදායම් ලබන විදිහට..ඒක අවදානම කියන එක ටිකක් අඩුයි වගේම වඩාත් ලාභදායි ක්‍රමයක් කියලා කියන්නත් පුලුවන්. එහෙමයි කියලා Long terms tradings නරකයි කියලා මම කොයිම වෙලාවකවත් කියන්නෙ නෑ..හොද හොද coins අඩුවට තියෙද්දි අරගෙන මම Long terms විදිහටත් තියාගෙන ඉන්නවා..මම මහා ලොකුවට මේ post එක ලියන්නෙ නෑ මොකද crypto tradings ගැන මම කලින් ඔයාලට කියලා දීලා තියෙන නිසා.

1.  Short terms tradings ( කෙටිකාලීන ආයෝජන)

Short Terms වලට හොද coins තොරගන්න කලින් මේ කියන දේවල් ගැනත් අවධානය යොමුකරන්න..

       a.  Coins Buy කරන්න වඩාත්ම සුදුසු Ex-changer.

               මම නම් ඇත්තටම වැඩිපුරම භාවිතා කරන්නෙ Bittrex අනිත් අයටනම් කොහොමද දන්නෑ.. ඒකට හේතුව තමයි Poloniex වලට වඩා අලුත් අලුත් Coins Bittrex එකට එන නිසා..

      b.  Buy කරන්න හිතන් ඉන්න Coins වල History එක.

                  සමහර coins තියෙනවා 2013-2014 ඉදන් හැමදාමත් එකම තැන Trend Up, Down වෙන coins. මේ වගේ Coins Short Terms වලට ගන්න එක ටිකක් අවදානම් මොකද කොච්චර Projects හොද උනත් මාර්කට් එකේ හොද තැනකට එන්න කල් ගතවෙන නිසා. Coins ගැන විස්තර බලා ගන්න අවශ්‍ය අය ඉන්නවනම් https://coinmarketcap.com ගිහිල්ලා තමන්ට අවශ්‍ය coins වල Market Rank එක, Official Sites, Coins වල Tradings සිදුවන Exchagers ලා වගේම History එකත් Chart එකක් මගින් බලාගන්න පුලුවන්.

      c.  Coins මිලදී ගත යුතු ප්‍රමාණයන්

               මමනම් බය නැතුව කියන්නෙ මිලෙන් ඉතාමත් අඩු coins තමයි Short terms වලට වඩාත්ම ගැලපෙන්නෙ කියලා..මොකද $5 හෝ 10$ කට coins වැඩි ප්‍රමාණයක් මිලදී ගන්න පුලුවන්. Coins ප්‍රමාණය වැඩි වෙන්න වැඩි වෙන්න අපිට ලැබෙන ලාභයත් සාපේක්ෂව වැඩියි.. මේක Long terms කරන අයටත් ගොඩක් වැදගත්.

     d. මේ දවස්වල අවදානය දෙන්නෙ මොනවගේ coins වලටද?

            මේක තමයි වැදගත්ම කාරණේ. මට ඇත්තටම මේ ගැන සදහන් කරන්න අමාරුයි මොකද මම Buy කරන coins හැම එකක්ම අනිත් අයට ගැලපෙනවද නැද්ද කියන එක. අනික තමයි මම short terms වලදී coins වල projects ගැන වැඩියෙන්ම අවධානයක් දෙන්නෙනෑ. මොකද Price අඩුවට තියෙද්දි අරන් ඉක්මනටම Sell කරන නිසා.මේ පහල සදහන් කරන Coins උපරිම සතියක් තියාගන්න බලන්න. අනික Price max up වෙලා තියෙද්දි buy කරන්නත් එපා.. අඩුම Exchanger chart එකේ සතියකවත් History එක බලලා buy කරන්න සුදුසුමනම් විතරක් ගන්න.

(2017 මැයි 19 වන දිනට මම Short terms / Long Terms කරන Coins ගැනයි සදහන් කරලා තියෙන්නෙ. වැරදිවට තේරුම් අරන් පසුකාලීනව කරනු ලබන Tradings වලට මෙම Coins කොයිතරම් දුරට සාර්ථක වනවාදැයි මා හට පැවසිය නොහැක​. මෙහි සදහන් කර ඇත්තේ වර්ථමානයෙහි Tradings වලට ගැලපෙන Coins  වර්ග බවත් කරුණාවෙන් සලකන්න​. )
Xrp (Ripple)
DGB (Digibyte)
RDD (Reddcoin)
Steem (STEEM) මේ දවස් වල හොදටම Movings තියෙනවා
BTS (Bitshares)
Burst (Burst coin)
TRST (we trust)
XML, STR ( Stellar Lumens)
 .
             මීට අමතරව තව ගොඩාක් Coins තියෙනවා.  මේ මම Short terms වලට යොදාගත්ත coins.. ගොඩක්ම මෙතන තියෙන coins bittrex කියන exchanger හරහා තමයි ගන්න තියෙන්නෙ. මම කියන නිසා මේ Coins මිලදි ගන්න එපා. ඔයාලටත් පුලුවන් මාර්කට් එකෙන් හොද හොද coins හොයාගන්න.
 .
2.  Long terms tradings ( දිගුකාලීන ආයෝජන)
මම කලින් කිවුවා වගේම මේකෙදිත් අපි අනිවා Coins history, Projects, Market Released date එහෙම බලන්න ඕන. මොකද අපි අනාගතය වෙනුවෙන් කරන ආයෝජනයක් නිසා කාලයක් තියෙන හොද coins හොයා ගන්න ඕන. අනිවාර්යයෙන්ම Project එක වැදගත් වෙනවා හොද coin එකක් තොරගන්නවනම්.. මම සාමාන්‍යයෙන් Study කරලා ගත්ත coins කීපයක් ගැන කියන්නම්.

Sia coin (SIA COIN)
Amp ( Synereo)
GNT (Golem)
STEEM ( short terms වලටත් හොදයි)
XRP ( Ripple) short terms වලටත් හොදයි.
WAVES (Waves)
MAID ( Maidsafe)

මේ මම දැනට Long terms සහ Short terms වල නිරතවෙන coins. තව මීට වඩා හොද coins හම්බුනොත් post එකේ Update පාරක් දාලා දැනුවත් කරන්නම්. ඔයාලත් හොදයිද කියලා බලලා කෙටිකාලීන හා දිගුකාලීන ආයෝජන වලින් හොද ප්‍රතිලාභයක් ලබන්න කියලා ප්‍රාර්ථනා කරමින් මම දැනට මේ Post එකෙන් සමුගන්නවා එහෙනම්

හැමෝටම
ජයවේවා!

සැ:යු මම ඉහත සදහන් කල සියලුම coins මා දැනට ආයෝජන කටයුතුවල යොදා ඇති ඒවා පමණක් වන අතර. එම coins මිලදී අරන් ලාභ හෝ පාඩු ලැබීම් සම්බන්දව මෙම අඩවිය හෝ මා වගකීමක් නොගන්නා බව කාරුණිකව දන්වා සිටිමි


Share this

Related Posts

Previous
Next Post »

1 comments:

Write comments
November 30, 2018 at 1:09 PM delete

Thank you because you have been willing to share information with us. we will always appreciate all you have done here because I know you are very concerned with our.
Mason Soiza

Reply
avatar